තහනම් ආම්පන්න යොදාගනිමින් කරනු ලබන ධීවර කටයුතු සඳහා විරෝධය දක්වමින් කල්පිටියේ ධීවරයින් ආරම්භ කර තිබූ විරෝධතාවක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ධීවර බෝට්ටුවකටද ගිනි තැබීමට විරෝධතාකරුවෝ කටයුතු කළහ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවීය. සිදද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. උද්ඝෝෂණය තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද පුත්තලම අධිකරණයෙන් නිකුත් කළේය.