එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් ඝාතනය කළ මුස්ලිම් ජාතිකයන් 100කට ආසන්න පිරිසක් වළදමා ඇති බව කියන කලවංචිකුඩි පොලිස් වසමේ කුරුක්කල්මඩම් සමූහ මිනීවළේ කැණීම් කටයුතු කල්දැමූ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම සමූහ මිනීවළේ කැණීම් අද (01දා) ආරම්භ කිරීමට නියමිතව තිබුණද, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සහ රජයේ රස පරීක්ෂකවරයා අදාළ කැණීම් සඳහා කැඳවීමට නියමිත බැවින්, ඒ පිළිබඳ කරුණු සලකා බලා කලවංචිකුඩි මහේස්ත්‍රාත්වරයා විසින් එම කැණීම් කටයුතු අගෝස්තු මස 18 වැනිදාට කල්දමා තිබේ.