කරුවලගස් වැව, පහරිය ප්රදේශයේ ඊයේ (29දා) සවස 4.00ට පමණ අතුරුදන් වූ දිනිති අහිංසා නැමැති තුන් හැවැරිදි දැරිය පොලීසය කළ මෙහෙයුමකින් අනතුරුව අද (30දා) අලුයම 3.20ට පමණ සොයාගෙන තිබේ.
පහරිය ඝන කැලෑවක සිටියදී දැරිය සොයාගෙන තිබෙන අතර සොයාගැනීමෙන් පසුව ඇය තබ්බෝවිල රෝහලට ඇතුලත් කොට තිබේ. ඇය දැඩි තැතිගැන්මකින් සිටි හෙයින් පසුව පුත්තලම මූලික රෝහලට මාරුකොට තිබේ.