හදිසි ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ දෙකක් වන ඇඩ්රිනලීන් හා පොටෑසියම් ක්ලෝරයිඩ් කරාපිටිය රෝහලේ නොමැති වීමෙන් රෝගීන් අවදානමකට පත්ව ඇතැයි රෝහල් සේවකයෝ සඳහන් කරති.
ආසාත්මිකතාවක් ඇති වූ විට සහ හදිසි ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වන ඇඩ්රිනලීන් පුද්ගල ජීවිත බේරාගැනීමට අත්‍යවශ්‍ය ඖෂධයකි. රෝහල් සේවකයන් පවසන්නේ දිනකට ඇඩ්රිනලින් කුප්පි 100ක් පමණ රෝහලේ භාවිතාවන බවයි.
නමුත් මේ වනවිට රෝහලේ ඖෂධ ගබඩාවේ ඇඩ්රිනලීන් නොමැති අතර, මින් පෙර විවිධ වාට්ටු හා ඒකක සඳහා නිකුත් කර තිබූ ඇඩ්රිනලින් කුප්පි කිහිපයක් භාවිතය සඳහා ගෙන ඇති බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
දැඩි සත්කාර ඒකකයේ, හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ හෘද රෝග අංශයේ හදිසි ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් වන පොටෑසියම් ක්ලෝරයිඩ්ද මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහල සතුව නැත.
රෝහල් සේවකයන් පවසන්නේ දිනකට පොටෑසියම් ක්ලෝරයිඩ් කුප්පි 30-40ක් අතර ප්‍රමාණයක් කරාපිටිය රෝහලේ භාවිතා කරන බවයි. මේ ඖෂධ නොමැතිවීම හේතුවෙන් එහි හදිසි ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන් හා සැත්කම් සඳහා යොමුවන රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා සිටිති.
මේ පිළිබඳ අප කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.
“අපි දැනට සති දෙකකට පමණ පෙර වෛද්‍ය සැපයුම් අංශයෙන් මේ ඖෂධ ඇණවුම් කරලා තිබෙනවා. ඉතා ඉක්මණින් ඒවා ලැබේවි. දැනට ඖෂධ ගබඩාවේ එම ඖෂධ නැති බව සත්‍යයක්.
නමුත් හදිසි අවශ්‍යතා සඳහා එම ඖෂධ ඔසුසළෙන් මිලදීගෙන රෝගීන්ට ලබාදෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මේ ඖෂධවලින් දවසකට භාවිතයට ගන්නේ කුප්පි පහක පමණ ප්‍රමාණයක්.