විවිධ හේතු කියමින් දිගින් දිගටම කරාපිටිය හෘද රෝග ශල්‍ය ඒකකය වසා දැමීම නිසා සැත්කම් කරගැනීමට පොරොත්තු ලේඛනගතව සිටින රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි හෘද රෝගීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
ශල්‍යාගාරය තුළ විෂබීජයක් පැතිර ඇති බව පවසමින් පසුගිය 09 වැනිදා ශල්‍යාගාරය වසා දමා තිබෙන බවත්, එහෙත් එය කඩිනමින් විවෘත කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවත් එම සංවිධානයේ ලේකම් ධම්මික ජයවර්ධන මහතා සඳහන් කළේය.
මිට අමතරව පසුගිය ජුනි, ජූලි මාසවල දින 50කට වැඩි කාලයක් ශල්‍යාගාරය වසාදැමීම හේතුවෙන් පොරොත්තු ලේඛනය 2020 දක්වා දික්වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ශල්‍යාගාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබීමට අමතරව සමහර අවස්ථාවල හෘද සැත්කම් සිදුකිරීමට නියමිත රෝගීන් සිටින වාට්ටුව තුළ ජලය පවා නොමැතිවන බවද හෙතෙම සඳහන් කළේය.
'අද' මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ශල්‍යාගාරය වසාදැමීමක් සිදුකර නොමැති බවයි.