මෙතෙක් විදේශ රටවල්වලට ගොස් සිදුකර ගත් කර්ණශංඛ සැත්කම කොළඹ ජාතික රෝහල තුළදී නොමිලේ සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙරට කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් කන් ඇසීමේ දුර්වලතාවලින් (Hearing Disorders) පෙළෙන බව වාර්තාවීම නිසා කන් ඇසීම සඳහා සිදුකරගන්නා කර්ණශංඛ බද්ධ සැත්කම කොළඹ ජාතික රෝහල තුළ සිදුකිරීමට තීරණය කර ඇත.
දැනට මෙම රෝගය සුවපත් කරගැනීම සඳහා රෝගීන්ට විදේශ ගතවීමට සිදුව තිබෙන අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 29 කට අධික මුදලක් දැරීමටද සිදුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ මාසයේ සිට මෙම සැත්කම කොළඹ ජාතික රෝහල තුළ සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, සියලුම සැත්කම් නොමිලේ සිදුකිරීමටද නියමිතය.