අක්කර 37 ක් පුරා පැතිර ඇති කැස්බෑව, කරදියාන කසළ අංගණය අවට ගම්මානවල සෑම පවුල් 03 කම එක් පුද්ගලයෙකුට ඩෙංගු රෝගය වැලඳී තිබෙන බව පරිසර ජයග්‍රහණ ජාතික ව්‍යාපාරය පවසයි.
පිළියන්දල ප්‍රදේශයේ අද (04දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සම කැඳවුම්කරු දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, චර්ම රෝග ඇතුව ලෙඩ රෝග 36 කට එම ප්‍ර‘දේශයේ ජනතාව හසුව තිබෙන බවයි.
හඳුනානොගත් විෂබීජ හේතුවෙන් උගුර ආශ්රිත ශල්‍යකර්මවලට බොහෝ පිරිසක් භාජනය කර ඇති බවත්, එම ප්‍රදේශයේ තිබූ පිරිසුදු පානීය ළිං 77 ක් වසාදමා ඇති බවත් හෙතෙම පවසා සිටියේය.
කැස්බෑව, හෝමාගම, මහරගම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොරටුව, බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතනවලට අයත් ප්‍රදේශවල එක්රැස්වන අපද්‍රව්‍ය මෙහි ගෙනැවිත් දැමීම පිටුපස මුදල් මත මෙහෙයවන මාෆියාවක්ද ක්‍රියාත්මක වන බවද ඔහු කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික පාරිසරික පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ උල්ලංඝනය කරමින් මෙම කුණු අංගණය පවත්වාගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.