කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 45 යටතේ කමාන්ඩෝ පුහුණුව ලැබු නිළධාරීන් 4 දෙනෙක් සහ සෙසු නිළයින් 392 කු අද (21) දින ඌව - කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී විසිර යනු ලැබූහ.
එම විසිරයාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය.
විසිර යනු ලැබූ නිළධාරීන් සහ සෙසු නිළයින් වෙත මෙරුන් පැහැති හිස් වැසුම් පැළඳවිම ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද හමුදාපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් සිදු කෙරිනි.
මෙවර පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලුතිතන් එස්.එච්.ජී ප්‍රනාන්දු ද, දක්ෂතම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ එච්.ආර්.එච් මධුශංක ද, ශාරීරික අභ්‍යාස පුහුණු දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලුතිතන් එස්.එම්.ඒ.ජී සෙනෙවිරත්න ද සම්මාන හිමිකර ගනු ලැබීය.