කම්කරු අමාත්‍යාංශයක් වහාම ඇතිකරන්නැයි වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.
ඉතිහාසයේ ප්‍රථම වරට කම්කරු අමාත්‍යාංශය අහෝසි කර කම්කරු දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට අනුබද්ධ කර තිබීම පිළිබඳව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විරෝධය පළව ඇති බවත්, එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
කම්කරු අමාත්‍යාංශය අහෝසි කිරීම හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ට මින් ඉදිරියට අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට සිදුව තිබෙන බවද ඔහු කීය.