ප්‍රධාන නායකයන් දෙපළම රටේ හා ලෝකයේ විශ්වාසය දිනාගනිමින් ප්රජාතන්ත්රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව ප්රජාතන්ත්රවාදවය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයක් දෙස බැලූවිට පැහැදිලිව තේරුම් ගත හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ, පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති 'වියත්මග' නමැති උත්සව සභාවකදී 'නව ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතුය' යන ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.
එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදී බව අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙහිදී ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් වශයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව එම වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී බවද සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ජාතිවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබානොදිය යුතු තරම් බවත්, නමුත් මළමිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩුබිරුම්වලට එරෙහි ප්රජාතන්ත්රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිවයුතු බවත් එහිදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.