තමන්ගේ වත්කම් හා බැරකම් හෙළිකරන ලෙස හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බව නව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.
එජාප නව මහලේකම් ලෙස අද (10දා) වැඩ බාරගැනීමෙන් අනතුරුව කබීර් හෂීම් මහතා මෙම අභියෝගය තිස්ස අත්තනායක මහතාට ලබාදුන්නේය.
"ආණ්ඩුවෙන් ආපු මහ ලේකම් වත්කම් බැරකම් ඉදිරිපත් කළා. අපෙන් ගිය මහලේකම්ට මම අභියෝක කරනවා වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසට" යැයි කබීර් හෂීම් මහතා පැවැසීය.
ඡායාරූප ක්රිෂාන් රණසංහ