ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අද (08දා) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ හා මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ යන මහත්වරු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
කමිටු වාර්තාව මේ මස 10 වැනිදා අමාත්‍යවරයාට බාරදීමට නියමිතය.