එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කරන බව කඳුරට ජාතික පෙරමුණ අද (17දා) සඳහන් කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් සමග බත්තරමුල්ලේදී පැවති සාකච්ඡාවකදී කඳුරට ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය රිෂී සෙන්දිර් රාජ් මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෝ මේ බව කියා සිටියහ.
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීම සඳහා තම පක්ෂයට හැකියාව තිබෙන බවත්, කෑගල්ල, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහාද අපේක්ෂකයන් ඉදිරිපත් කර එම දිස්ත්‍රික්ක සියල්ල පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීමේ ශක්තිය තමන් සතු බවත්ඔවුහු සඳහන් කළහ.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වර්තමාන රජයට සහාය පළ කළ කදුකරයේ ප්‍රමුඛතම දේශපාලන බලවේගයක් වන කඳුරට ජාතික පෙරමුණ උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් බැහැරව ජීවත් වන දෙමළ ජනතාව පදනම් කර ගනිමින් 2015 වසරේදී මනෝගනේෂන් මහතාගේ නායකත්වයෙන් බිහි වූ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක්කු විය.