මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට අද (20 දා) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මධ්‍යම කඳුකරයම වැසී යන ආකාරයට ඝන මීදුම් තත්ත්වයක් හටගත්තේය.
කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වාත්, හැටන් සිට තලවාකැලේ දක්වාත් මෙම මීදුම් තත්ත්වය පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට අද පස්වරු 5.00 පමණ සිට දැඩි බාධා එල්ල විය.