කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට ඊයේ (17දා) රාත්රියේ යෝධ තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණි.
අඩි හැටක් පමණ දිගැති, අඩි තිහක් පමණ පළලැති මෙම දැවැන්ත තල්මසාගේ සිරුරේ බාහිර තුවාල දක්නට නොලැබුණි.
වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ දියඹ මුහුදේ පාවෙමින් පැවැති මෙම තල්මසාගේ දේහය දුටු ධීවරයෙකු විසින් ඒ පිළිබඳව කල්පිටිය පොලීසියට දැන්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ප්රදේශවාසීන් විශාල පිරිසකගේ සහයෝගය ඇතිව එය ගොඩගැනීමට ක්රියාකරන ලදී.
මෙම තල්මස් දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව කල්පිටිය අඩවි වන නිලධාරී මොරපතාන මහතා පවසා සිටියේය.
කල්පිටිය කුමාරි ෙකාට්ටහච්චි