කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු හයක් අගල් 09 බැගින් අද (11දා) උදෑසන විවෘත කළ බව කන්තලේ වාරි මාර්ග ඉංජිනෙරු කාර්යාලය පවසයි.
කන්තලේ වැව් ජල ධාරිතාව අක්කර අඩි 92375 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉදිරියේදි වර්ෂා මට්ටම ඉහළ ගියහොත් ඉතිරි වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද වාරි මාර්ග කාර්යාලයේ ප්රකාශකයෙක් පැවසිය.
කන්තලේ විශේෂ - කේ. ඩී. විජේපාල