පාර්ලිමේන්තු සභා ගර්භයෙහි ඇති කථානායක නිල අසුනෙහි ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවරයා අනවසරයෙන් අසුන්ගත් බවට පැමිණිල්ලක් කථානායක කාර්යාලයට ලැබී තිබේ.
පෙරේදා (16දා) පාර්ලිමේන්තු සැසි වාරය අවසානයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ පවිත්රතා කටයුතු සිදුකර ඇති අතර, එම කටයුතු අවසන් වනතෙක් මෙම ඉංජිනේරුවරයා කථානායක අසුනෙහි අසුන් ගෙන හිඳ තිබේ.
එසේ හිඳිමින් පවිත්රතා කටයුතු සිදුකරන නිලධාරීන්ට නියෝග පනවා ඇති බවටද පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර, මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් අලුවිහාරේ මහතා විසින් මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක කථානායකවරයාට වෙන්කර ඇති නිල අසුනෙහි වෙනත් අයෙකු අසුන් ගැනීම කථානායකවරයාට මෙන්ම සමස්ත ජාතියටම කරන ලද අපහාසයක් හා අගෞරවයක් බවද පැමිණිල්ලේ සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සහ පරිපාලන කටයුතු සිදුවනුයේ කථානායකවරයාගේ මූලිකත්වයෙනි. පාර්ලිමේන්තුව තුළ සියලුම මන්ත්රීවරුන් කථානායකවරයාගේ අණට යටත් වෙයි.