මෙවර ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ප්රබලව කතා කිරීම තුළ අනිකුත් කාරණා යටපත් වී ඇති බවත්, එය කනගාටුවට කරුණක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මේ හරහා අතුරුදන්වීම්, සුදු වෑන් පිළිබඳ කතා, පහරදීම්, ප්රජාතන්ත්රවාදය ආදිය පිළිබඳ කතා කිරීම යටපත් වී ඇති බවත්, ඒ හරහා විරුද්ධ මතවාදීන් යටපත් කිරීමේ හැකියාවක් පවතින බවත් එම පක්ෂය පෙන්වා දෙයි.
අද (15දා) කොළඹදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් විය.