පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් කතරගම ප්රදේශයේදී පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පැවරීම සිදුකර ඇති අතර, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් කතරගම ප්රදේශයට යොමු කර ඇත.
වෙඩි තැබීම සිදුකළ බවට සඳහන් කරන පොලිස් කොස්තාපල්වරයා මේ මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.