සැමියෙකු විසින් පවුල් ආරවුලක් මුල් කරගනිමින් තම නිවසට ගිනිතැබීම නිසා නිවස තුළ ජීවත් වූ බිරිඳ සහ දියණිය, බිරිඳගේ මව හා ගිනිතැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සීමට ලක්වී මියගොස් තිබේ.
කතරගම පොලිස් වසමේ කදසුරිඳුගම ප්රදේශයේ පිහිටි මෙම නිවසට ගිනිතබන අවස්ථාවේදී මියගිය තිදෙනාට අමතරව බිරිඳගේ පියා සහ සොහොයුරියකද සිට තිබේ. මෙම දෙදෙනාද පිළිස්සුම් තුවාල ලබා එක් පුද්ගලයෙකු කතරගම රෝහලටත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට රෝහලටත් අතුළත් කර ඇත.
මියගිය තුන් හැවිරිදි දියණිය මියගොස් තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය.
මීට අමතරව බිරිඳ මියගොස් තිබෙන්නේ කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වන අතර, එහිදී ඇය පොලීසියට කටඋත්තරයක් දෙමින් පවසා තිබුණේ සැමියා තමාට පිහියෙන් ඇන, නිවසට ගිනි තැබූ බවයි.