රුහුණු කතරගම මහා දේවාලයේ සිදුවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබාදීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒකපුද්ගල කොමිසමක් බෞද්ධකටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (23දා) පත්කර තිබේ. මේ පිළිබඳව ඉදිරි සති 3ක කාලය තුළ මෙම කොමිසම විසින් ලබාදෙන පරීක්ෂණ වාර්තාවට අනුව අවශ්‍ය කටයුතු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදුකරනු ඇත.