සැහැල්ලු දුම්රිය සේවයක් කඩුවෙලින් ආරම්භ කරන බවත් කඩුවෙල විධිමත් ලෙස සංවර්ධනය කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සැහැල්ලු දුම්රිය සේනය සඳහා ජපන් රජය සමග සාකච්ඡා කර තිබෙන බවත් මේ වන විට ශක්‍යතා අධ්‍යනය සිදුකරමින් තිබෙන බවත් ඔහු පැවැසීය.
ඉඩම් අත්පත් කර ගැනීමත් ඒ හා සමගාමීව සිදුවන බවත් ලබන වසර අවසානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් ඔහු සඳහන් කරයි.
කඩුවෙල පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසූ අතර රාජ්‍ය ආයතන සියල්ල බත්තරමුල්ලට ගෙනෙන බවත් මහවැලි ව්‍යාපාරය මෙන් කැළිණි ගග සංවර්ධනය කිරීම අවශ්‍ය බවත් ඔහු පැවැසීය.