කටුනායක ගුවන් තොටුපළ තුළ අද (22දා) දහවල් 2.20 දක්වා ක්රියාත්මක වූ විරෝධතාව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුවක් මත නවතා දැමූ බව ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපළ ශාඛාව සඳහන් කරයි.
වාර්ෂික ප්රසාද දීමනාව රුපියල් 45,000 ක් බවට පත්කර ගැනීම ඇතුළුව ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් අද උදේ සිට ගුවන් තොටුපළ සේවකයෝ විරෝධතාවක නිරත වූහ.