(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇතිවූ ගින්න සම්පුර්ණයෙන්ම නිවාදමා තිබේ. ගින්නෙන් හානිවූ දේපළ වටිනාකම ගණනය කර නොමැත. සිද්ධියෙන් ජීවිත හානියක් හෝ තුවාලවීමක් සිදුවී නොමැත.
-----------------------------------------------------------------------------------------------
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් ඇතිවී තිබේ. ගින්න මැඬ පැවැත්වීමට ගිනි නිවන හමුදාව හා කටුනායක පොලීසිය කටයුතු කරමින් සිටියි.