කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ඊයේ (24දා) සවස 3.30 සිට අක්රිය විය. මේ නිසා ගුවන්තොටුපළ ඔස්සේ පැමිණෙන සහ පිටත්ව යන මගීන් මහත් අසීරුවට පත්වීම සිදුවිය.
යළි පස්වරු 5.45 ට පමණ මෙම පරිගණක ජාලය සක්රිය වූ අතර, පුරා පැය දෙකකට වැඩි කාලයක් මෙම පරිගණක පද්ධතිය අක්රීය වී පැවතුණි. මීට පෙර අවස්ථා ගණනාවකදීද මේ ආකාරයටම මෙම පරිගණක පද්ධතිය අක්රිය වූ අවස්ථා ඇතිවී තිබේ.
මෙසේ ආගමන විගමන පරිගණක පද්ධතිය අක්රිය වීමත් සමග සියලු මගීන්ගේ තොරතුරු සොයා ගැනීමට නොහැකි වීම නිසා සියලු ගුවන් තොටුපළ කටයුතු ඇනහිටීම ඉබේම සිදුවේ.