කටාර් රාජ්‍යයේ පිහිටි පාසල තානාපති කාර්යාලය යටතට පත්කර තිබෙන නිසා එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැකියාව ලැබී තිබෙන බව කටාර් ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව ලබන මස 10 වැනිදා නව පාලක මණ්ඩලයක් දෙමාපියන්ගෙන් පත්කරන බවත්, හිටපු පාලක මණ්ඩලයේ යම් යම් ක්‍රියා කලාප නිසා පාසල තුළ හිට්ලර් පාලනයක් ඇතිවී තිබූ බවට චෝදනා එල්ල වන බවද පවසා සිටියේය.
මීට අමතරව මූල්‍ය කටයුතු පිළිබඳ ගැටලු ඇතිවූ බවත් මෙම සියලුම ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද තානාපතිවරයා පවසා සිටියේය.
අද විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග කටාර් රාජ්‍යයේ පිහිටි පාසල පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ලියනගේ මහතා මේ බව සඳහන් කළේය.