කටාන ඇත්ගාල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරා බදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයට ලද තොරතුරත් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ප්‍රදේශයේ අක්කර 4ක පමණ භූමි භාගයක කලක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි තිබී ගැලුම් 45 ප්‍රමාණයේ ගෝඩා බැරල් 110ක් සහ පුද්ගලයන් දෙදෙනකු පොලිස් භාරයට ගැණිනි.