කොළඹ නගරය පුරා සවිකර තිබෙන කටවුට්, බැනර් සඳහා නගර සභාවෙන් අවසරයක් ඉල්ලා ඇත්දැයි තමා නොදන්නා බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ප්රකාශ කළේය.
කටවුට් සවිකිරීම සඳහා නාගරික කොමසාරිස්වරිය අවසර ලබාදී ඇත්දැයි තමාට මේ වනතෙක් දැනගන්නට නොලැබුණු බවත්, නගර සභාවට නියමිත ගාස්තු ගෙවා ඇත්දැයි නොදන්නා බවත් නගරාධිපතිවරයා කියා සිටියේය.