පළාත් පාලන ආයතන නීති සහ පරිසර නීති උලල්ංඝනය කරමින් රට පුරා ප්රදර්ශනය කරන මැතිවරණය ඉලක්ක කරගත් පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට සහ පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
පළාත් පාලන ආයතන නීතිරිතිවලට අනුව තම බලප්රදේශයෙහි ප්රදර්ශනය කරන ඕනෑම ප්රචාරක පුවරුවක් වෙනුවෙන් බදු අයකරගෙන අනුක්රමික අංකයක් ලබාදිය යුතු වුවත් මේ දිනවල ප්රදර්ශනය කරන ප්රචාරක දැන්වීම්වල එවැනි කිසිදු සඳහනක් නොමැති බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ නිසා විශාල බදු මුදලක් රටට අහිමි වී තිබෙන බවත් මීට අමතරව නගර අලංකාරයට මෙය දැඩි බාධාවක් වී තිබෙන බවත් එහෙත් එයට එරෙහිව පළාත් පාලන ආතන ක්රියාමාර්ග නොගන්නා බවද ඔහු පවසා සිටියේය.
පරිසර අණපනත්වලට අනුව පෝස්ටර් බැනර් කටවුට්වලින් සිදුවන පරිසර හානිය සැලකිල්ලට ගනිමින් නීතිවිරෝධී ආකාරයට ප්රදර්ශනය කරන පුවරු, පෝස්ටර් ඉවත් කිරීමට පොලීසියට හැකියාවක් තිබුණත් එම කටයුත්ත පොලීසිය විසින් සිදුනොකරන බවද රෝහණ හෙට්ටිආරච්ච් මහතා කියා සිටියේය.
මේ නිසා මොවුන්ට එරෙහිව ගතහැකි නීතිමය ක්රියාමාර්ග පිළිබඳව මේ දිනවල නීති විශාරදයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ඉදිරි සතිය තුළදී මෙම නීතිමය ක්රියාමර්ග ක්රියාත්මක කිරීමට කටයුතු කර බවද හෙතෙම පවසා සිටියේය.