කච්චතිව් ගිවිසුම සම්බන්ධයෙන් යළි සමාලෝචනය කරන මෙන්, ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය ජී.කේ.වාසන් මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කච්චතිව් දූපත් ප්‍රදේශයේ ඉන්දීය ධීවරයන්ට අයිතියක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති බවට, පළවී තිබෙන ඉන්දීය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජී.කේ වාසන් මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකා රජයන් අතර, 1974 සහ 1976 වර්ෂයේදී ඇතිකර ගත් ගිවිසුම මඟින් කච්චතිව් ගැටළුව සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත් බවත්, එම දූපතේ පිහිටි “අන්තෝනියර්” දේවස්ථානයේ වාර්ෂික වැඩසටහනට යාමට පමණක් ඉන්දීය ධීවරයින්ට අයිතියක් ඇති බව සඳහන් කර, ඉන්දියානු මධ්‍යම රජය විසින් ශ්‍රේෂ්ඨධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.
කච්චතිව් ශ්‍රී ලංකාවට දන් දුන් බවට කරන ප්‍රකාශය වැරදි බවත්, 1974 වර්ෂයේදී පෝර්ක් සමූද්‍ර සන්දියේ සිට ආදම්ගේ පාලම අතර සීමාවක් වෙනස් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඇති කර ගත් ගිවිසුම මගින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිතිවූ බව ඉන්දීය මධ්‍යම රජය තම පෙත්සමේ වැඩිදුරටත් සදහන් කර තිබේ.