මිල අඩුකිරීමත් සමග ඖෂධ සමාගම් ආණ්ඩුවට ප්‍රශ්න ඇති කිරීමට කටයුතු කරන බවත් ඖෂධ හිඟයක් ඇති කිරීමේ වුවමනාවෙන් කටයුතු කිරීමට ඉඩ ඇති බවත් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශකළේය.
අද (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේබව කීය. පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීම මත නිකුත් කළ ගැසට් නිවේදනයේ ඖෂධ 48ක මිල අඩු කළ යුතු බව සඳහන් වෙනවා. ඒත් ඖෂධ සමාගම්, එම සමාගම් අයිති ආණ්ඩු ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ ගන්නවා. ඔවුන් පිරිසක් අමාත්‍යවරයා හම්බුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හම්බුණා. සෞඛ්‍ය ලේකම් හම්බුණා. එයාලා කියන්නේ මේ මිලට දුන්නොත් ලාභය අඩු වෙනවා ඒ නිසා ඒ මිලට දෙන්න බැහැ කියලා. ඖෂධ සමාගම් කරන්නේ අඩු මිලට නිෂ්පාදනය කරන ඖෂධ වැඩි මිලට විකුණලා පරම්පරා ගණනකට බිලියන ගණනක ධනය උපයන එක. ඔවුන් වැඩ කරන්නේ ලාභය ගැන මිසක් ජනතාව ගැන හිතලා නෙමෙයි. ඖෂධ සමාගම් ඖෂධ හිඟයක් ඇති කිරීමේ වුවමනාවෙන් කටයුතු කරන්න ඉඩ තියෙනවා. රජයේ ඔසුසල් මිල අඩු කරලා දෙනවා. ඒත් පෞද්ගලික ආයතන වැඩි මිලට ඖෂධ විකුණනවා. මෙහෙම දිගින් දිගටම කළොත් සෞඛ්‍ය අමාත්‍යංශයට අපි කියනවා මේවාට වැටලීම් කරන්න කියලා. යැයි පැවසීය