ඖෂධ මිල පාලනය සම්බන්ධ ගැසට් පත්‍රය එළඹෙන සිකුරාදා (21දා) නිකුත් වන බවත්, ඒ අනුව එදින මධ්‍යම රාත්‍රි‘යේ සිට එය ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මිල පාලනය විධිමත්ව සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට, ඖෂධ අධිකාරියට හා අමාත්‍යාංශය යටතේ පවතින විමර්ශන ඒකකයට අදාළ බලතල ගැසට් පත්‍රය මගින් ලබාදෙන බවයි.
ඖෂධ මිල පාලනය සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18දා) පැවැති අතර, එහිදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
හෙතෙම සඳහන් කර සිටියේ වෙළෙඳ පොළ තුළ ඖෂධ හිඟයක් මවාපෑමට කිසිදු ආකාරයක ඉඩ ප්‍රස්තාවක් ලබානොදෙන බවයි.