හෙට (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්රීයාත්මක කිරීමට නියමිත ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්වීමක දී මෙම අදහස් පළ කෙරිණි.
එහිදී රෝගී ජනතාව වෙනුවෙන් ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය ශ්‍රී ලංකා ඖෂධ වාණිජ මණ්ඩලය ඇගයීමට ලක් කරන ලදි. ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරීම සදහා දීර්ඝ කාලීන විසදුමක් සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.