ඖෂධ මිල අඩු කිරීමේ මිල සූත්‍රය ලබන සතියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලදී.
ඒ අනුව ඖෂධ මිල සූත්‍රය හඳුන්වා දී එය සාකච්ඡාවට බඳුන් කිරීමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නියමිතය. අසරණ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සහ ගුණාත්මක හා අඩු මිලට ඖෂධ සැපයීම සඳහා ඖෂධ පනතට අනුව ඖෂධ මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
“මෙහි සම්පූර්ණ වැඩපිළිවෙළ මෙම සැප්තැම්බර් මාසය අවසන්වීමට ප්‍රථම අවසන් කිරීමට කටයුතු කරනවා. මෙය අමාරු කාර්යයක්. මිල සූත්‍රය හරියට නිර්මාණය කළ යුතුයි. නැතිනම් ගැටලු ඇතිවෙනවා. ඖෂධ මිල අඩු කිරීම තමයි මගේ එකම අභිප්‍රාය. ඇතැම් මාධ්‍ය මෙම වැඩපිළිවෙළ ප්‍රමාදයි කියා මට පහර දෙනවා.
නමුත් සේනක බිබිලේ මහතා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ ඖෂධ පනත ඔහුගේ ගෝලයෙකු වන මා විසින් ක්‍රියාත්මක කිරීම තමයි මගේ එකම අරමුණ. ඒ අනුව මෙම මස අවසන්වීමට ප්‍රථම මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයිද පැවසීය.