ෙජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අද (03දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් වන විවාදය හෙට (04දා) දින පැවැත්වේ.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම ආදී කරුණු ඇතුළත් සහ සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම ආදී කරුණු මෙම පනතට ඇතුළත්ය.
නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ ප්රමුඛ කාර්යයක් ලෙස මෙම ජාතික ඖෂධ පනත ගෙන සම්මත කර ගැනීමට කටයුතු කර තිබේ.