තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සියළු දෙනා එක් විය යුතු කාලය එළඹී තිබෙන බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට තමා සූදාන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ හෝමාගම ඉඹුල්කන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කොට, විහාරස්ථානයේ ඉඩම නිදහස් දීමනා පත්‍රයක් මගින් විහාරස්ථානය වෙත සග සතු කොට පූජා කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි මාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවයේදී අදාල සන්නස් පත්‍රය විහාරාධිපති පූජ්‍යපාද නාගොඩ අමරවංශ හිමියන් වෙත ප්රදානය කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු කෙරුණි.
හෝමාගම ප්රාදේශය මීළග අවුරුදු දහයේ මේ රටේ ඉරණම තීන්දු කරන ප්‍රදේශයක් හැටියට පරිවර්තනය කරන බවක් ඉතාමත්ම බලගතු ආර්ථික කි‍්‍රයාවලියක් දියත් කර ඇති බැවින් නව උත්පාදනය සඳහා ගොඩනැගෙන විද්යාඥ්යින්ගේ නගරය හෝමාගම ගොඩනගන බවත් අමාත්‍යවරයා කීය.