ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂ මන්ත්රීවරු ඉක්මනින් ඒකාබද්ධ විපක්ෂය පැත්තට එන බවත්, පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කිරීම එතරම් ගැටලුවක් නොවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ අදහස් පළකළේ්, ඊයේ (08දා) රත්නපුරේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අමතමිනි.එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“ජනතාවට ඉල්ලන දේ මම දෙන්න ලෑස්තියි. ඔය ආණ්ඩු පැත්තට ගිහිං ඉන්න අය වැඩිකල් යන්න ඉස්සර අපේ පැත්තට එනවා. අපේ පැත්තේ ඉඳගන්නනවා. ඒක ස්ථීරයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කරන එක එතරම් කජ්ජක් නෙමෙයි. ඒක කරන්න අවුරුදු තුන හතර ඉන්න ඕනෑ නෑ. වැඩිකල් යන්න ඉස්සර ඔළු ටික මාරු වේවි. මම රහසේ කුමන්ත්රණය කරන්නෙ නෑ. දෙන ගේම එළියේ තමයි. ප්රජාතන්ත්රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. එකට ආප්ප කාලා කරන්නේ නෑ.” යනුවෙන් පැවසීය.
අජිතලාල් ශාන්ත උදය