ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ 'ඉස්ලාම් රාජ්‍යයක්' සඳහා වූ අරමුණට එරෙහි වන්නන් බිය ගැන්වීමේ අදහසින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට සැලසුම් කරමින් සිටි කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් අත්අඩංගුවට පත්ව ඇති බව එරට අගමැති ටෝනි ඇබට් පවසයි.
ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ISIS 'ඉස්ලාමීය රාජ්‍යයට' එරෙහි ඔස්ට්‍රේලියානු සාමාන්‍ය වැසියන් පිරිසකගේ හිස ගසා දමමින් ඔවුන් ඝාතනය කිරීම බව එරට බුද්ධි අංශ විසින් අනාවරණය කරගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර තිබේ.
පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියාව පුරා සාමාන්‍ය වැසියන් 'ඉස්ලාම් රාජ්‍යයක්' ගොඩනැගීමට එරෙහිව නැගී සිටි අතර, එම කාලය තුළ ත්‍රස්තවාදය පිළිබඳ අවදානමද එරට තුළ ඉතා ඉහළ මට්ටමක් දක්වා නැංවීමට කටයුතු යෙදීය.
ISIS හිතවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිස්බෙන් හා සිඩ්නි යන නගර ආශ්‍රිතව සිදුකළ මෙම විශේෂ මෙහෙයුම සඳහා 800කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.