හොර රහසින් ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 25ක් ඔස්ට්‍රේලියානු රජය විසින් නැවත මෙරටට අද (15දා) හරවා එවා තිබෙන බව ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
ඒ අනුව අද උදෑසන 06.30ට පමණ ඔස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයන් 22ක් සිටින බවත්, ගුවන්තොටුපළ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකරනු ලබයි.