ඔස්ට්‍රේලියානු ආගමන විගමන හා දේශ සීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (09දා) අලුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඔහු පිළිගත්තේය.
ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. නීති විරෝධී පුද්ගල ජාවාරම් මැඬපැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වේ.