ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, කොමන්වෙල්ත් බැංකු ශාඛාවකට කඩා වැදුණු තරුණයෙකු බැංකුවට හා තමාටද ගිනිතබා ගැනීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 27 දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙල්බර්න් නුවර, ස්ප්‍රින්ග්වේල් හිදී මෙම අපරාධය සිදුව ඇති අතර, එම ගිනි තැබීම සිදුකළ පුද්ගලයාද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.
එම අවස්ථාවේදී බැංකුව තුළ සිටි පුද්ගලයන් හය දෙනෙකු දරුණු පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
එහෙන්ම, කුඩා දරුවන් තිදෙනෙකුද ඇතුළුව තවත් පුද්ගලයන් 21 දෙනෙකු පමණ දුම ආග්‍රහණය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා 21 හැවිරිදි තරුණයෙකු බවත්, ඔහු වික්ටෝරියා ප්‍රාන්ත පොලීසියේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් පැවසෙයි. ඔහු බැංකුව විසින් ප්‍රතික්ෂේප කළ ගනුදෙනුකරුවෙකු බවටද තහවුරු නොකළ තොරතුරු පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට මෙම පුද්ගලයා බැංකුව ඉදිරිපිටදී තමාටද ගිනි තබා ගනිමින්, පසුව බැංකුව තුළට දිවවිත් ඒ තුළටද පෙට්‍රල් ඉසීමෙන් ගිනි තැබීමක් සිදුකර තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමග අවට මාර්ගය වසා දැමීමටද පොලීසිය කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.