ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කරගනිමින් ඔස්ට්‍රේලියානු මාධ්‍යයක් විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.තමාගේ දේශපාලනජීවිතයේ කිසිදු දිනක දූෂණ අක්රමිකතාවයන් සඳහා මැදිහත් නොවූ බවද මේ පිළිබඳව ජනාධිපතිවරයා නිකුත් කළනිවේදනයක සඳහන් වේ.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනමහතා සහ ඔහුගේ උපදේශකවරයෙක් 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වනකොන්ත්රාත්තුවක් ඔස්ට්‍රේලියා සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බව කියන චෝදනාවක්සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි ‘සිඩ්නිමෝර්නිං හෙරල්ඩ්‘ නම් ඔස්ට්‍රේලියා පුවත්පතහෙළිකරතිබිණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එමප්රවෘත්ති වාර්තාව පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිට උපදෙස් දීඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය වේදීයකු නැගූ පැනයකට පිළිතුරු දුන්මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කරගනිමින් ඔස්ට්‍රේලියානු මාධ්‍යයක් විසින් එල්ල කරන චෝදනාවට පවතින නීති රාමුව තුළ රජය ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරන බවයි.
"සම්බන්ධීකරණ ලේකම් කෙනෙකු සමාගමකින් මුදලක් ඉල්ලුවා කියලා කියනවා. 2011 ඉඳලා 2016 දක්වා ආවම තමයි කතා කරන්නේ. සම්බන්ධීකරණ ලේකම් කෙනෙකු අරං තියෙනවාද? කොහෙන්ද අරං තියෙනවද කියලා මේ පිළිබඳව ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරනවා.
2011 සිද්ධියක් 2016 ට පස්සේ මතුවුණේ ඇයි කියලා ඉදිරියේදී අනාවරණය වෙයි" යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී සඳහන් කළේය.