බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන විදේශීය සරණාගතයන් රඳවා තබා ගන්නා ස්ථානයක් ලෙස කාම්බෝජය යොදාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව සහ කාම්බෝජය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අනුව බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට ඇතුළු වන පිරිස්, ඔවුන් සරණාගතයන් ලෙස තහවුරු වුවහොත් පැපුවානිව්ගිනියාවේ සහ නාවුරු දූපත්වල ඇති රැඳවුම් කඳවුරු වෙත යැවීම සිදුවෙයි.
එහිදී, ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ පිළිසරණක් පතා තම වෙරළට එන මිනිසුන් ආරක්ෂා කිරීම තම යුතුකමක් ලෙස සලකා එසේ කරන බවය. ඒ අනුව, කාම්බෝජයද ඉහත කී පැපුවානිව්ගිනියාව හා නාවුරු දූපත් ලෙස සරණාගත කඳවුරු භූමියක් ලෙස සැකසීම ඔස්ට්‍රේලියාවේ සූදානම බව බී.බී.සී.ය පවසයි.