නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව භික්ෂුන් වහන්සේලා ඇතුළු ජාතික සංවිධාන සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (23දා) රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වූ බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
පැය දෙකකට ආසන්න කාලයක් ජනාධිපති නිල නිවසේදී පැවැති මෙම සාකච්ඡාවට මහාචාර්ය ඉඳුරගාරේ ධම්මරතන හිමි, ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි, වෛද්‍ය අනුලා විජේසුන්දර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෝලීය සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් තමන් වහන්සේලා නියෝජනය කරමින් සහභාගිවූ බවත්, ජනාධිපතිවරයා සමග රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එක්වූ බවත්උන්වහන්සේ සඳහන් කළහ.
‘එළිය' සංවිධානය විසින් පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද (24දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ,
“ඉතිහාසයේ ඉඳලාම දෙමළ අයට යම් අඩුවක් වෙලා තියෙන බව ඔවුන් කියනවා. ඒනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිංදුවක්වත් පේන්න නැහැ. ඔවුන් බොහොම නොසතුටෙන් ඉන්නේ. ඒනිසා ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා එතැනදී ජනාධිපතිතුමා පැවසුවා.
මේ අදහසේ ව්‍යවස්ථා විරෝධී කණ්ඩායමේ උදවියත් යම් පමණකට ඉන්නවා. හැබැයි ඔවුන්ගේ මුහුණුවලට ලේ බිඳක් එන්නේ දේශපාලනඥයන්ට, වෙල්ලාලයන් අතට දේශපාලන බලය ලබාදීම හරහා නෙමෙයි. ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ඔවුන්ට තියෙන ඉඩම්, ඔවුන්ගේ රාජකාරි කරගැනීම සඳහා පහසුම ඒකකයන් සඳහා ලබාදීමෙන් විතරක් බව අපි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා." යැයි පවසා සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා