ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා පසුගිය මැයි මාසයේදි ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතව තිබුණ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේ 'ද හින්දු' පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට යොදාගත් දිනයන් ශ්‍රී ලංකාවේ වෙසක් සතියට යෙදී තිබුණ බැවින් එම කාල සීමාවේදී ඉතා වැදගත් සංචාරයක් කළ නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට ලැබිමට තිබුණ සුවිශේෂී අවස්ථාවක් මග හැරී ගිය බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම කරුණ පිළිබඳව බොහෝ දෙනෙකු නොදත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ඇමෙරිකානු ජනපතිවරයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව නොමැත.