ඔබාමා ඊශ්‍රාලයට අනතුරු අඟවයි - බැන් කී මුන් සාම ප්රයත්නයක
ස්වයං ආරක්ෂාවක් සපයා ගැනීමේ අයිතිය ඊශ්‍රායලයට පැවතියත්, ගාසා තීරය වෙත නොනවත්වා සිදුකරන ගුවන් ප්‍රහාර හා ගොඩබිම් මෙහෙයුම් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා තිබේ.
ඊයේ (18දා) ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථනයෙන් කතා කරමින් ඔබාමා පවසා ඇත්තේ පලස්තීන හමාස් සටන්කාමීන්ගෙන් එල්ලවන ප්රහාරයන්ට එරෙහිව තම ආරක්ෂාව සපයා ගැනීමේ ඊශ්‍රායලය සතු අයිතිය තමා පිළිගත්තත්, මේ වනවිට මරණ 300ක් දක්වා ඉහළ යමින් පලස්තීනයේ සිදුවන සිවිල් වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් පසුවන බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් මහතා අද (19දා) මෙම කලාපය වෙත පැමිණීමට නියමිතව ඇති අතර, දෙපාර්ශ්වය සාමකාමී විසඳුමකට පැමිණවීම ඔහුගේ කාර්ය භාරය වී තිබේ.
ගාසා තීරයේ උද්ගතව ඇති මෙම මහා මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වා දී ඇත්තේ තම ආරක්ෂාව සපයා ගැනීමේ අයිතියක් ඊශ්‍රායලය සතු වන බව හා ගාසා තීරයෙන් එල්ලවන රොකට් ප්‍රහාර තමන් හෙළා දකින බවය. නමුත්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත්ම සාධාරණීයකරණය කළ නොහැකි බවද එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

