එට්කා ගිවිසුම පිළිබඳ ඇතැමුන් රට තුළ බිල්ලෙක් මවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද ජයවර්ධන මහතා පැවසීය. අද (28දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කීය. "ලෝකය සමග තාක්ෂණ සහ විද්‍යාත්මක ගිවිසුම් අවශ්‍යයි. එට්කා පිළිබඳ බිල්ලෙක් මවලා තියෙන්නේ. ඔය කතා කරන අයට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ලංකාවට ඇවිල්ලා ලංකාවේ රස්සා ටික ඉන්දියාවට අරගෙන යනවා කියලා බිල්ලෙක්නෙ මේ මවලා තියෙන්නේ. නමුත් රටේ යාන්ත්‍රණය ඉදිරියට යන්නට ලෝකය සමග ගිවිසුම් ගතවීමට අවශ්‍යයි. නමුත් එට්කා කියලා ඔබ හිතාගෙන ඉන්න ගිවිසුම අපි අත්සන් කරන්නේ නැහැ. නමුත් මේ රටට අවශ්‍ය ගිවිසුම් අපි අත්සන් කරනවා." යැයි මන්ත්‍රිවරයා කීය