ඔටාරාගෙ අභියෝගයට සංගා මහේල නිහඩයි
(VIDEO) අයිස් බකට් නෑම පිළිබඳව ඔඩෙල් නිර්මාතෘ ඔටාරා මහත්මිය විසින් සංගාට හා මහේලට කළ අභියෝගය පිළිබඳව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත.
පසුගිය සති කිහිපය පුරා මෙම අයිස් බකට් නෑම පිළිබඳව ලොවපුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර, ස්නායු රෝගාබාධයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
මේ හරහා එක් පුද්ගලයෙකු පළමුවෙන්ම අභියෝගය භාරගෙන අයිස් ජලය ස්නානය කරන අතර, පසුව ඇය හෝ ඔහු විසින් තවත් තිදෙනෙකුට අයිස්බාල්දියක් නෑමටත අභියෝග කරනු ලැබේ. පැය 24 ක් ඇතුළත එම අභියෝගය භාරගත යුතු වෙයි.
ඒ අනුව ඔටාරා මහත්මිය ඉරාජ්ගෙන් ලැබුණු අභියෝගය භාරගෙන අයිස් වතුර ස්නානය කළ අතර, ඉන් අනතුරුව ඇය කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට මෙම අභියෝගය ලබාදුන්නාය. එහෙත් මෙතෙක් ඔවුන්ගේ ට්විටර් ගිණුමේ හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳව ඔවුන් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ඔටාරා කළ අභියෝගය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

