මෙම මස සිට එළඹෙන දෙසැම්බර් මස දක්වා වන කාලසීමාවේදී දිවයිනට සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළකරන අනාවැකිවලට අවධානය යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එසේම වායුගොලයේ කැළඹිලි, අඩු පීඩන තත්ත්ව, පීඩන අවපාතද ඉදිරියේදී ඇතිවිය හැකි බවත් ඒ හරහා දවසේ ඕනෑම වේලාවක වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙයි.
මේ මාසයේදී ශ්‍රී ලංකාවට අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම් ඇතිවිය හැකි නිසා එවිටද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.