මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට රහසේ සවන්දෙන බවට තමන් නොදන්නා බව ප්රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. යම් අයෙක් ඒ පිළිබඳව චෝදනාවක් කරයි නම් ඒ ගැන සොයා බැලීමට පොලීසියට වගකීමක් ඇති බවද ඒ මහතා පැවසීය.
“ලංකාවේ වෙන ඔක්කොම හොරකම් මම දන්නවා නම් පොලීසිය ඕන වෙන්නෙ නැහැනේ. ඕකත් හොරකමක් කියනවනේ. ඒවා හොයන්න තමයි පොලීසියෙ අය ඉන්නෙ. ඒකත් වංචාවක් නම් ඒකත් වැරැද්දක් නම් ඒකට තමයි නීතිය හා සාමය තියෙන්නෙ. යම් චෝදනාවක් තියෙනවා නම් සොයා බැලීමක් කරනවා. නමුත් මට නම් තාම ඒක දැනිලා නැහැ." යැයි රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.